අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යාම් පූර්ව අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇත්නම් වහාම එම ස්ථානයෙන් ඉවත් වන්න - ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්

    අගෝස්තු 05, 2022

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට සැළකිය යුතු මට්ටමේ වර්ෂාවක් ලැබීමත් සමඟ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාම් පූර්ව දැනුම් දීම් මේ වන විටත් නිකුත් කර ඇති බවත්, ජනතාව ඒ පිළිබඳව වඩාත් සැළකිලිමත් වන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.


    මේ වන විට ගාල්ල, මාතර, හම්බන්තොට, නුවර, නුවරඑලිය, කෑගල්ල, මාතලේ, සහ රතනපුර යන දිස්ත්‍රික්ක වලට පසුගිය දින පහ ඇතුළත මි.මී 400 ට වැඩි වර්ෂාපතනයක් ලැබී තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක හා යටියන්තොට, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, රතනපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කුරුවිට, කලවාන, ඉඹුල්පේ සහ කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට රතු නිවේදන මේ වන නිකුත් කර ඇති බව ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ හා මැද දුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැළියගොඩ, ඇළපාත හා රතනපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මේ වන විට නාය යාම් අනතුරු ඇඟවීමේ දෙවන අදියරේ නිවේදන ද නිකුත් කොට ඇති බව ද කියා සිටි ඒ මහතා රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ වල සහ බෑවුම් අසල ජිවත් වන ජිවත් වෙන ජනතාව වහාම ඉවත් වන ලෙසත්, නාය යාම් පූර්ව ලක්ෂණ ඇත්නම් වහාම ඉවත්වන ලෙසත් මෙහි දී ජනතාවට අවධාරණය කළේය.

    තවද, උඩරට දුම්රිය මාර්ගය, රත්නපුර-වේවලත්ත මාර්ගය, කොළඹ-හැටන් මාර්ගය මේ වන විට යම් අවධානමකට ලක්ව ඇති බව කියා සිටි අතර මාර්ග භාවිතයේ දී දැඩි සැළකිල්ලෙන් කටයුතු කරන ලෙස ද ඒ මහතා ජනතාව වෙත දැනුම් දුන්නේය.

    ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැය 24 ක්‍රියාත්මක හදිසි දුරකථන අංකය 117 අමතා යම්කිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් දැනුම් දෙන ලෙසද, නාය යාම් පූර්ව අනතුරු ඇඟවීමේ ලක්ෂණ දක්නට ඇතොත් ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් වරයා හෝ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා මඟින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරීන් දැනුවත් කරන ලෙසත් ඒ මහතා
    මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya