මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දැහැමි ගොවිතැනින් යහපත් සංස්කෘතියක්" වගා සංග්‍රාමය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩ සටහනක්

    ජූලි 11, 2022

    රට තුළ පවතින වත්මන් ආර්ථික අර්බුද තත්ත්වය සැළකිල්ලට ගෙන "දැහැමි ගොවිතැනින් යහපත් සංස්කෘතියක්" යන සංකල්පය යටතේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබන වගා සංග්‍රාමය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මහලේකම් අතිඋතුම් දේවධර්මාචාර්ය ජේ. ඩී. ඇන්තනි හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ 08, බැල්කොම්බ් පෙදෙස කතෝලික රදගුරු සම්මේලන මූලස්ථානයේ දී පැවැත්විණි.

    මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ගෙවතු වගාව සිදු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙමඟින් මහජනතාව යවත එම පණිවිඩය ගෙන යාමේ දී ආගමික නායකත්වය මැදිහත්වීම පිළිබඳව සිය ස්තුතිය පළ කළේ ය.

    කතෝලික සභාව මෙම ගෙවතු වගා වැඩසටහන දැනටමත් ආරම්භ කර ඇති බවත්, එක් ඉරු දිනක සියලුම කතෝලික ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදන බවත්, පැළ බෙදාදීම හා බෝග හුවමාරුව සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යොදමින් පවතින බවත් අති උතුම් රදගුරු හිමිපාණන් වහන්සේ සහ සෙඩෙක් ආයතනයේ ජාතික අධ්‍යක්ෂක පියතුමණෝ එහිදී සඳහන් කළහ.

    සෙඩෙක් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ මහේන්ද්‍ර ගුණතිලක පියතුමා, කොළඹ අගරදගුරු පදවියේ සෙත් සරණ අධ්‍යක්ෂ  ලෝරන්ස් රාමනායක පියතුමා, කතෝලික රදගුරු සම්මේලනයේ සහකාර මහලේකම් ටෝනි මාර්ටින් පියතුමා,   ප්‍රසාද් රංගන පියතුමා, ඇන්ග්ලිහක් සභාව නියෝජනය කරමින් බිනු මහතා,අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ,අතිරේක ලේකම් (ආගමික කටයුතු) නයනා නාථ විතාරණ, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුරි පින්තු, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට එක්වුහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya