මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය පොහොර නිල වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙයි

    ජූලි 11, 2022

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දුන් මෙට්‍රික් ටොන් 65000කින් පළමු තොගය ලෙස මෙට්‍රික් ටොන්44000 ක පොහොර තොගය (10දින) ඉන්දියනුමහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා ,කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාටඉන්දිය මහකොමසාරිස් නිල නිවසේදී නිල වශයෙන් භාර දුන්නේය.

    මෙම පොහොර තොගයට අදාල ලිපිලේඛන ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදී අමාත්‍යවරයා වෙත ලබා දී තිබේ.

    මෙම පොහොර තොගය රැගත් නෞකාව (09 දින) කොළඹ වරායට ළඟා විය.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අර්බුදකාරීඅවස්ථාවකට මුහුණ දී සිටි අවස්ථාවක ඉන්දීය රජය විසින් යුරියා පොහොර ලබා දීමට ගත්තීරණය සම්බන්ධයෙන් ඉන්දීය රජයට තම කෘතඥතාවය පළ කරන බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

    "මම කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත්ව සිටි කෙටිකාලය තුළ ගොවීන් මුහුණ දී සිටි ගැටළුරැසක් විසඳීම සඳහා පියවර ගත්තා. විශේෂයෙන් යල කන්නයේ යුරියා පොහොර ගොවීන්ටලබා දීමට මේ සමගම හැකි වෙනවා. මේ වනවිට අප රටේ කුඹුරු හෙක්ටෙයාර් පන්ලක්ෂපන් දහස දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම මහ කන්නය සඳහා අවශ්‍ය යුරියාපොහොරත් ලබා දීම සඳහා මේ වනවිටත් ලෝක බැංකුව සමග කළ සාකච්ඡා සාර්ථක වීතිබෙනවා.

    ගොවි ජනතාව වසර ගණනක් තිස්සේ බැංකුවලට නොපිය වූ ණය ප්‍රමාණය මිලියන30,000ක් විතර තිබුනා. ඒ සියල්ලම කපා හැරීමට පියවර ගත්තා. එමගින් ගොවීන්මිලියනයක් පමණ ණය බරින් නිදහස් වෙනවා.

    මෙහිදී තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් රාජකාරි කරන අවසන් අවස්ථාව මේබවත්, අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන්කළේය.

     මෙහිදී අදහස් පළ කළ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා කියා සිටියේඉන්දීය රජය ලෙස අසල්වැසි මිතුරා වන ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බවත් එම සහය ඉදිරියටද ලබා දෙන බවත් ය.

     කොළඹ වරායේ දී පොහොර ගොඩ බෑම මේ වනවිට සිදු වන අතර එය දින දහයකින්අවසන් කිරීමට නියමිතය. කොමර්ශල් පොහොර සමාගම මගින් එම පොහොර තොගයලොරි රථ 800ක් යොදා ගනිමින් ගොවි ජන සේවා මධ්‍යස්ථාන 566කට බෙදා හැරීමටනියමිත අතර ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලීටර් 125,000ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවවිසින් ලබා දී තිබේ.

    එම අවස්ථාවට අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිළ මහතා සහ රජයට අයත් පොහොරසමාගම් දෙකේ සභාපතිවරුන් ද සහභාගි විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya