මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමහර ක්‍රීඩා සංගම් හා සම්මේලනවල තිබෙන්නේ නම අලවපු හිස් ෆයිල් එකක් විතරයි -අමාත්‍ය රොෂාන් රණසිංහ

    ජූලි 10, 2022

     සංගම් හා සම්මේලන කිහිපයක් හැරුණුකොට අනෙකුත් සංගම් හා සම්මේලන ඔවුන්ගේ තොරතුරු එක පිටුවකට සීමා වෙලා. තවත් සංගම් සම්මේලන කිහිපයක නම සහිත ෆයිල් කවරය පමණයි ලැබී තිබෙන්නේ. මේ ක්‍රමය වෙනස් කළ යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා ‘‘සී’’ කාණ්ඩයේ සංගම් හා සම්මේලන නිළධාරීන් සමඟ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ය.

    එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය

     

    ‌රටේ පවතින තත්ත්වයත් සමඟ ඉදිරි කාලයේදී ක්‍රීඩා කටයුතු පිළිබඳව සැළසුම් කිරීමට ක්‍රීඩා සංගම් හා සම්මේලනවල නිළධාරීන්, පුහුණුකරුවන්, ක්‍රීඩකයින් හමුවෙන්න තීරණය කළා. ඒ අනුව අද ‘‘සී’’ කාණ්ඩයේ සංගම් හා සම්මේලන නිළධාරීන් පැමිණ සිටිනවා.

    සංගම් හා සම්මේලන සමඟ සාකච්ඡා කිරීමට පෙර එම ක්‍රීඩා සංගමය හා සම්මේලනය පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමේ අරමුණින් මම අපේ නිළධාරීන්ට පැවසූවා මේ සෑම සංගමයකම, සම්මේලනයකම තොරතුරු සහිත ෆයිල් එකක් සකස් කර මා වෙත ලබා දෙන ලෙසට. ක්‍රීඩා සංගමයේ ඉතිහාසය, නිළධාරීන් සම්බන්ධ තොරතුරු, ජාතික කණ්ඩායමේ තොරතුරු, ලබාගෙන ඇති පදක්කම් පිළිබදව තොරතුරු, ශ්‍රේණිගත කිරීම්වල පසුවන ස්ථානයන් පිලිබදව සටහනක්, ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව සාරාංශයක් වැනි තොරතුරු කිහිපයක් තමයි ඉල්ලුවේ.

    සංගම් හා සම්මේලන කිහිපයක් හැරුණුකොට අනෙකුත් සංගම් සම්මේලන ඔවුන්ගේ තොරතුරු එක පිටුවකට සීමා වෙලා. තවත් සංගම් සම්මේලන කිහිපයක නම සහිත ෆයිල් කවරය පමණයි ලැබී තිබෙන්නේ. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. අප සතුව නිවැරදිව යාවත්කාලීන වූ දත්ත හා තොරතුරු තිබිය යුතුයි. ඒසේ නොමැතිව ඉදිරි ගමණක් යා නොහැකියි. දැන් සිට හෝ මෙය ආරම්භ කල යුතුයි. මීලඟට පැමිණෙන අමාත්‍යවරයාට, ලේකම්වරයාට ඒ ඒ සංගම් හා සම්මේලන පිළිබදව දළ අදහසක් ගැනීමට මෙවැනි තොරතුරු වඩා
    උපකාරී වනවා. තොරතුරු පද්ධතියක වටිනාකම අපි අවබෝධකරගෙන කටයුතු කළ යුතුයි.

    කණිෂ්ඨ මළල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සදහා අපේ දරුවෝ 09 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා. එයින් දෙදෙනෙකු සහභාගී කරවන්න කටයුතු කළත්, ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අපි තීරණය කළා ඒ සුදුසුකම් ලැබූ දරුවෝ 09 දෙනාම ‌මෙම තරගාවලිය සදහා සහභාගී කරවන්න. ඔවුන්ට නැවත එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොවුන් ලබන ජාත්‍යන්තර තරඟ අත්දැකීම් ඉදිරි ක්‍රීඩා ජයග්‍රහණ සදහා ඔවුන්ට ශක්තියක් වනවා.

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සැසිය සඳහා මා හට ද ආරාධනා ලැබී තිබෙනවා. එම සැසිය සඳහා මෙන්ම අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දැක ගැනීමට මා මාගේ පෞද්ගලික වියදමින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට තීරණය කළා.

    මෙම අවස්තාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya