අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක විදෙස් ඇමති හමුවෙයි

    ජූලි 07, 2022

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය දා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි මහත්මිය හමුවිය.

    අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෙම සාකච්ඡාව අතරතුරදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සහ විශේෂයෙන් ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් නේවාසික සම්බන්ධීකාරක දැනුම්වත් කළේ ය. එමෙන්ම, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් ද සිය ගැඹුරු කෘතඥතාව පළ කළේ ය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි ආයතන පිරිනමන මානුෂීය ආධාරවල වත්මන් තත්ත්වය නේවාසික සම්බන්ධීකාරක විසින් පැහැදිලි කරන ලදී. ඊට අදාළව ක්‍රියාත්මක වන අනෙකුත් ආධාර වැඩසටහන්වලට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන හදිසි ආධාරවලට මහ කන්නය සඳහා ලබා දෙන යූරියා මෙන්ම ඖෂධ, බීජ සහ පාසල් දරුවන්ගේ පෝෂණය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් ඇතුළත් වන බවද එතුමිය ප්‍රකාශ කළා ය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව විස්තර කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින්, මේ වන විට රජය නව අයවැයක් සකස් කරමින් සිටින බව ප්‍රකාශ කළේ ය.

     

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya