අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන වරට රට රැකියාවකට යාම සඳහා අවස්ථාව ලබාදෙන්නේ නීත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඩොලර් ඒවා ඇති අයට පමණයි

    ජූලි 07, 2022

    විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිළිබඳ සොයා බලන බවත් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊශ්‍රායල් රාජ්‍යයේ ගෘහ සාත්තු සේවා රැකියා සඳහා විදේශ ගතවන තරුණියන් පිරිසකට අද දින (2022.7.4) කම්කරු අමාත්‍යංශයේදී ගුවන් ටිකට් පත් පිරිනැමූ අවස්ථාවේදීය .

    විදේශ රැකියා කර රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් රැගෙන එම සඳහා ඉදිරියේදී අවස්ථාව ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය වරයා පැවසුවේය.තවද ඔවුන්ට ගුවන් තොටුපලේදි භාණ්ඩ මිලදි ගැනිම සඳහා ලබා දෙන බදු සහන ඉහළ දමන බවත්,නිවාස ඉදිකිරීම ස්වයංරැකියා ආරම්භ කිරීම ඇතුඵ අනෙකුත් සහන ලබා දීමේදී රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය අනුව එම සහන ලබාදෙන බවත් අමාත්‍ය වරයා සඳහන් කළේ ය.

    ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තුසේවා රැකියා සඳහා කාන්තාවන් තිදෙනෙකු පිටත්ව යන අතර ඊශ්‍රායලයට සාත්තු සේවකයින් යැවීමේ වැඩසටහන යටතේ මේ වන විට 38 දෙනෙකු යවා ඇත. අමාත්‍ය වරයා ප්‍රකාශ කලේ ඊශ්‍රායෙල් රාජ්‍යය සමග අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අනුව සාත්තු සේවකයින් 500 ක් යැවීමට බලාපොරොත්තු වන බවයි. විදේශ ගතව රැකියාව කිරීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස ඉතා හොඳින් තමන්ගේ හා රටේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කලයුතු බවත්, එවිට එම රාජ්‍යයෙන් අපේ රටට ලැබෙන රැකියා අවස්ථා ප්‍රමාණය වැඩිකර ගැනීමට පහසු වන බවත් අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya