අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරන ඕනෑම පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමට රජය සූදානම්- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 06, 2022

    ආර්ථිකමය වශයෙන් සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට දායක වන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

    ප්‍රචණ්ඩත්වයෙන් තොරව මෙම දැවැන්ත ආර්ථික අර්බුදයට විසඳුම්  ඉදිරිපත් කරන ඕනෑම පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    වර්තමානයේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ;

    ඇතැම් පිරිස් දේශපාලන අර්බුදයකින් පමණක් මෙම ආර්ථික අර්බුදය විසඳිය හැකැයි විශ්වාස කරන බවත් එහෙත් වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඩොලර් මිලියන 03කවත් , සමීපස්ථ ණය ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පමණක් බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya