අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථික අර්බුදයෙන් ඇතැමුන් දේශපාලන වාසි ලබා ගැනීම කණගාටුදායකයි - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක

    ජූලි 06, 2022

    රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැමුන් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අර්බුදය විසඳීමට රජය සියලු පියවර ගෙන ඇති බවත් රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
    එබැවින් රජයේ වැඩපිළිවෙළ සඳහා ජනතා සහාය ලබා දෙන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. පසුගිය මැයි 09 වන දා ඇති වූ සිදුවීම වැනි සිදුවීම් යළි ඇති නොවීමට වගබලාගත යුතු යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya