අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායකවරයා නැගු චෝදනාවට වහාම පරීක්ෂණයක් පවත්වන්න- ජනපතිගෙන් නියෝගයක්  

    ජූලි 06, 2022

    ගුවන් සේවා අමාත්‍යාංශය හා පෞද්ගලික ආයතනයක් අතර ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගු චෝදනාවට වහාම පරීක්ෂණයක් පවත්වන්න ... ජනපතිගෙන් නියෝගයක්.

    ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කරයි.


    පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇත.

    ගාමිණී සෙනරත්
    ජනාධිපති ලේකම්

    ජනාධිපති මාධ්‍ය අංශය
    2022-07-06

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya