අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස් රථ 100ක් පාසල් සේවයට-කොළඹ නගරය අවට විදුලි බස් රථ ව්‍යාපෘතියක්

    ජූලි 05, 2022

    ලබන සතිය වන විට අලුත්වැඩියා කළ බස් රථ දහසක් පමණ ධාවනයට එක් කිරීමටත් තවත් බස්රථ 100ක් පාසල් සේවය සඳහා එක් කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    ඉදිරියේදී නියමු ව්‍යාපෘතියක් වශයෙන් පාසල් බස්රථ සඳහා කොන්දොස්තරවරියක් යොදවමින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

    කොළඹ නගරය අවට විදුලි බස් රථ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරාත්තු වන බවද අමාත්‍යවරයා කීය. ප්‍රවාහන ගැටළු සති දෙක තුනකින් විසඳිය නොහැකි ගැටළු බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවතින ඉන්ධන ගැටළුව හමුවේ පොදු ප්‍රවාහනය සඳහා විශාල ඉල්ලුමක් ඇති වී ඇති බවත් එම සැපයුම ලබා දිය නොහැකි බවද කීය. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමග එළඹෙන සතියේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ට සැළසුම් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya