අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      පළාත් පාලන ආයතනවල අනියම් හා කොන්ත්‍රාත් සේවකයන්ගේ සේවා කාලය 06 මසකට වරක් දිගු කිරීමට පියවර 

    ජූලි 05, 2022

    පළාත් පාලන ආයතනවල අනියම් හා කොන්ත්‍රාත් සේවකයන්ගේ සේවා කාලය 06මාසයෙන් 06 මාසයට දිගු කිරීමට, අමාත්‍ය මණ්ඩල එකඟතාවය මත උපදේශයක් ලබා දී ඇතැයි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 04 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පා.ම. අශෝක ප්‍රියන්ත මහතා යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ඒ අනුව අදාළ සේවකයන්ගේ සේවා කාලය 06 මාසයෙන් 06 මාසයට ඉදිරියට ගෙන යාමට පළාත් පාලන ආයතනවලට හැකියාව ඇති බව ඔහු කියා සිටියේය.

    ප්‍රාථමික සේවා ගණයන් සඳහා සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම නිසා අදාළ කොන්ත්‍රාත් සහ අනියම් පදනම මත සිටින සේවකයන්ට ස්ථීර පත්වීම් ලබා දීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා පැවසිය. ඉදිරියේදී අදාළ චක්‍රලේඛය සංශෝධනය වූ පසුව මෙම ගැටළුව පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya