අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යාවශ්‍ය මහජන සේවාවන්ට අදාළ ජනාධිපතිවරයාගේ නියමය ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතියට

    ජූලි 05, 2022

    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව කරන ලද නියමයට අදාළ ප්‍රකාශනය ලබන 06 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කෙරේ.

    (03) දින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියමය නිකුත් කර ඇත. මේ අනුව මෙම ගැසට් නිවේදනය මගින් විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ රෝහල් වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතන වල රෝගීන් නඩත්තුකිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීන්ට අදාළ සේවාවන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් ලෙස නම්කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya