අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන 08 වනදා මෙට්ට්‍රික් ටොන් 40,000ක පළමු පොහොර තොගය මෙරටට- කෘෂි ඇමති

    ජූලි 04, 2022

    එළඹෙන 08 වනදා ඉන්දියානු ණය ආධාර යටතේ ලැබෙන පළමු යූරියා පො‌හොර තොගය ‌ මෙරටට ළගා වීමට නියමිත බවත් එය ජූලි 9, 10 වනවිට ප්‍රදේශවලට බෙදා දීමට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මෙම පළමු පොහොර තොගය මෙට්ට්‍රික් ටොන් 40,000ක් ව න අතර එය ඕමානයේ සිට මෙරටට ළඟා වීමට නියමිතය. මෙම යූරියා පොහොර රුපියල් 10,000ක මුදලකට ලබා දීමට සැළසුම් කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

    ඉදිරි මාස තුන තුළදී අංග සම්පූර්ණ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය. ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සහ කෘෂිකාර්මික අපනයන මඟින් අමතර විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya