අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ආයතන බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉන්ධන ඩිපෝ මඟින්- ජනමාධ්‍ය අමාත්‍ය

    ජූලි 04, 2022

    ජනමාධ්‍ය ආයතන බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ඉන්ධන ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මඟින් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ය.

    එළඹෙන 10 දින තෙක් ප්‍රමාණවත් ඉන්ධන නොමැති බැවින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා ඉන්ධන ලබාදිය නොහැකි බවත්, වෛද්‍ය සේවා වලට අවශ්‍ය අයටත්, වෛද්‍යවරුන්ටත් විශේෂ බස් රථ සේවා සකස් කර තිබෙන බවත් ජීවිත බේරා ගැනීමට ඔවුන්ගේ සේවය අත්‍යාවශ්‍ය බවත් මේ අවස්ථාව බැරෑරුම් බවත් මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවක් ලබා දී තිබෙන බව ද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya