මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අතින් ඉදිරියට ගිය සංශෝධනයක්

    ජූලි 03, 2022

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු පුද්ගලයෙකු හෝ පවුලක් ආරක්ෂා කිරීමේ අරමුණින් ගෙන එන ලද්දක් නොවන බවත් මෙය 19 වැනි සංශෝධනයට වඩාවිශාල වශයෙන් ඉදිරියට ගිය ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් බවත් අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ,  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03)පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා ;

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් බලාපොරොත්තු වන්නේ රට ආරක්ෂාකිරීමට බවත්, මෙම පනත පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලුදේශපාලන පක්ෂ හා සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් සමඟ සාකච්ඡා කළ බවත්, ජනමත විචාරණයකින් තොරව සම්මත කළහැකි කරුණු මෙම පනත් කෙටුම්පතට ඇතුළත්කර ඇති බවත් ය.

    විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි සඳහන් සංශෝධනයන් ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බැවින් එය සම්මත කළ නොහැකි බවද, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වර්තමානය වන විට විවිධ පිරිස් විවිධමත ඉදිරිපත් කරන බවත්, එසේ ඉදිරිපත් කරනු ලබන්නේ 22 වැනි සංශෝධනය පිළිබඳ වපවතින අනවබෝධය හා දේශපාලන බලලෝභීත්වයෙන් සිටින පුද්ගලයින් මේ අර්බුදකාරී තත්ත්වයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට උත්සාහ කිරීම බවත් අමාත්‍යවරයා පැවසීය.

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් වඩාප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අතින් ඉදිරියට ගිය සංශෝධනයක් වන බැවින් මෙම පනත්කෙටුම්පතට විරුද්ධව ක්‍රියා කිරීම ජනතා මතයට එරෙහි වීමක් බවද, හෙතෙම සඳහන්කළේය.

    මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය, ඇමරිකාව, ජපානය ඇතුලු අපේරට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ආධාර හා සහය ලබා දීමට අපේක්ෂාවෙන්සිටින රටවල් හා සංවිධාන රටේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරන ලෙස ඉතා බරපතලආකාරයට ඉල්ලීම් සිදුකර ඇත. ඒ සඳහා රටේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීමට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කර ගැනීම
    අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට රටතුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම අත්‍යාවශ්‍යකරුණක් බවට වත්මන් මහබැංකු අධිපතිවරයා පවා ප්‍රකාශ ඇති බවත්, මෙම පනත්කෙටුම්පත කඩිනමින් සම්මත කර ගන්නා ලෙස අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාහා අන්‍ය ආගමික පූජකතුමන්ලා මෙන්ම සිවිල් සංවිධානද, ප්‍රකාශ කර ඇති බවද, අධිකරණඅමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

     

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකර ඇති බවත්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින්ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවස්ථාව ඕනෑම අයෙකුට පවතින බවත්, මෙම ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු එය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස හැඳින්වෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කුමන අදහස් පළ කළ ද, එය 19 වැනිසංශෝධනයටත් වඩා ඉදිරියට ගිය නව නීති රීති රාශියක් ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදීකෙටුම්පතක් වන බැවින් සියලුම මහජන නියෝජිතයින්ගේ හා ජනතාවගේ සහය අපේක්ෂාකරන බවත් හෙතෙම සඳහන් කළේය.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව තවත් සුළු පක්ෂයක සහය ලබාගෙන අමාත්‍යධූරසංඛ්‍යාව වැඩි කරමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ලබා දී තිබූ බවත්, 22 වැනිසංශෝධනය තුළින් ජාතික ආණ්ඩු පිහිටුවීමේ බලය පාර්ලිමේන්තුවට ලබා දී ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය යටතේමෙම පනත් ‍කෙටුම්පත අනුව සිදුකළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි පැවතිප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශස්ථ ලක්ෂණ ඉවත් කිරීම රටතුළ ව්‍යසනකාරී තත්වයක් ඇති වීමට ප්‍රධානහේතුවක් වූ බවත්, එය සමනය කිරීමට 22 වැනි පනත් කෙටුම්පත සම්මත කිරීමඅත්‍යාවශ්‍ය කරුණක් බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    යම් අමාත්‍යාංශයක අමාත්‍යවරයාගේ ධූරය අහෝසි වුවද, අමාත්‍යාංශ ලේකම්වරයාගේ කාර්යභාරය කරගෙන යාමට හැකි පරිදි අවශ්‍ය විධිවිධාන 22 වැනි සංශෝධනයට ඇතුළත්කර ඇති අතර මෙම පනත පක්ෂ ලෙස හෝ පුද්ගලයින් වශයෙන් ශක්තිමත් වීමට ගෙන එනලද්දක් නොවන බවත්, හෙතෙම පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya