අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට සිට - ගාස්තු වැඩිවීම 22%

    ජූනි 30, 2022

    බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජුලි 01 බස් ගාස්තු සංශෝධනය කිරීමට එළඹුණු තීරණය අනුව අද මධ්‍යම රාත්‍රී බස් ගාස්තු සංශෝධනය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කරයි.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව සඳහන් කළේ අද (30) “ප්‍රවාහන සැලසුම් හා මිල සංශෝධනය” යන මාතෘකාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    2022 වර්ෂයේ අවස්ථා හතරකදී බස් ගාස්තු වැඩිකළ අතර එහිලා පාදක වූයේ ඉන්ධන මිල ඉහළ යාම යන නිර්ණායකය පමණි. නමුත් වාර්ෂික බස් ගාස්තු වැඩි කිරීමේදී ඉන්ධන මෙන්ම අමතර කොටස්වල මිල ඉහළ යාම, ඩොලරයේ අගය වැඩි වීම ඇතුළු නිර්ණායක දොළහක් යටතේ ගණනය කොට බස්රථ සංගම් සමග ද සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බව ඔහු පැවසීය.

    22% කින් බස් ගාස්තු වැඩිවන අතර, අවම බස් ගාස්තුව රුපියල් හතළිහකි. ගාස්තු වැඩිවීම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, පුද්ගලික බස්රථ යන අංශ දෙකෙහිම සාමාන්‍ය හා සුඛෝපභෝගී සේවාවන්ට අදාළ වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya