අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ගෑස් කැනීම් සිදු කිරීමට ඉක්මනින් මාර්ග සිතියමක් සකස් කරන්න - කෝපා කමිටුව

    ජූනි 28, 2022

    මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති
    අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

    විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    මෙහිදී ලංකාවේ සැලසුම් කොට ඇති ස්වභාවික වායු කැනීමේ ව්‍යාපෘති (LNG) පිළිබඳව සහ ඒ්වායේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉදිරිපත්කිරීමක් අමාත්‍යාංශ නිලධාරීන් සිදු කළ අතර මෙම කැනීම් සඳහා විවිධ බාධාවන් පවතින බවද ඔවුහු පෙන්වා දුන්හ.

    මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් මේ සඳහා සම්බන්ධවන පාර්ශ්වයන් පිළිබඳව විමසන ලදි. එසේම මෙම කැනීම් සඳහා විදේශ රජයන්ගේ උපදෙස් අවශ්‍යවන්නේදැයි එම මන්ත්‍රීවරු විමසා සිටියහ.

    මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ එසේ වෙනත් රජයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොවන බවයි. මේ අනුව මෙම කැනීම් ඉක්මනින් සිදු කොට අවසන් විය යුතු බවත් එය රටේ අවශ්‍යතාවයක් බවත් එබැවින් මෙම කැනීම් සිදු කිරීමට මාර්ග සිතියමක් ඉක්මනින් සකස් කරන ලෙසත් කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,  උදය ගම්මන්පිල,  හේෂා විතානගේ, (මහාචාර්ය) රංජිත් බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, මොහොමඩ් මුසම්මිල්,  දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, (වෛද්‍ය)  උපුල් ගලප්පත්ති,එස්. ශ්‍රීතරන්, බී.වයි.ජී. රත්නසේකර, අශෝක් අබේසිංහ සහ ගරු ප්‍රසන්න රනවීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya