මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔප්පුවක් නොමැති පුද්ගලයන්ට ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දිමට පියවර- අග්‍රාමාත්‍ය

    ජූනි 25, 2022

    ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන් ට, ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දිමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    “සැමට හිමි බිමක්” වැඩපිළිවෙල යටතේ ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම ලබාදීමේ වැඩසටහන අද උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ විය.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබයි.

    භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති දිවයිනේ සිටින සියළුම පුද්ගලයන්හට ඉඩමේ අයිතිය ලබාදීමේ පළමු පියවර අද දින සිට "හිමි බිම" ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

    උපන් බිමේ ඉඩක් අහිමි අයට නීත්‍යානුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකටම ඔප්පු 1000 ක් 3000 ක් අතර ප්‍රමාණයක් බිමේ හිමිකරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිදු කෙරිණි.

    හිමිකම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් පැවැති මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සහ ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීන් හා ඔප්පුලාභීන් පිරිසක් සහභාගී විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya