මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර සහාය දෙනවා - යුරෝපා කලාපීය රටවල තානාපතිවරු

    ජූනි 25, 2022

    යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන්න ...අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර සහාය දෙනවා ...යුරෝපා කලාපීය රටවල තානාපතිවරු කියති.

    යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන්න. මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහාය දෙනවා.

    යුරෝපා කලාපීය රටවල තානාපතිවරු (24) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළහ.

    ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ලබාදෙන ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට
    ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව දූත මණ්ඩල සාමාජිකයෝ පෙන්වා දුන්හ.

    මෙරට ජනගහණයෙන් 90%ක් ග්‍රාමීයව වෙසෙන අතර ඉන් 75%ක් කෘෂිකර්මාන්තයේ නියැලෙති. ඔවුන්ට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට මෙන්ම ආහාර සැපයීම සම්බන්ධයෙන් විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

    කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලෙස වගාකර නොමැති රජයේ ඉඩම් ලබාදීමට පියවර ගෙන තිබේ. යුද්ධයෙන් පසු ඇති වූ මානුෂීය තත්ත්වයන් සැලකිල්ලට ගෙන දීර්ඝකාලීන විසඳුම් ලබාදීමටත් නීතිය ක්‍රියාත්මක වීමේ දී කිසිවිටෙකත් ඊට මැදිහත් නොවී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති ආකාරයත් ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

    ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

    යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi), ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු (Eric Lavertu), ඉතාලි ජනරජයේ තානාපති රීටා මැනෙල්ලා (Rita Mannella), නෝර්වේ තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal), නෙදර්ලන්ත තානාපති ටාන්‍යා හොන්ග්‍රිච් (Tanja Gonggrijp), ජර්මනියේ තානාපති හොල්ගර් ලොතර් සොයිබර්ට් (Holger Lothar Seubert), රුමේනියාවේ තානාපති ආචාර්ය වික්ටර් චියුඩියා (Victor Chiujdea), තුර්කි තානාපති රකිබේ ෂෙකර්ජිඕලූ (Rakibe Şekercioğlu), ස්විට්සර්ලන්ත සම්මේලනයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya