අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවල මුද්‍රිත පිටපත් 12 දක්වා හා සංයුක්ත තැටි පිටපත් 02 දක්වා අඩු කෙරේ

    ජූනි 22, 2022

     

    රාජ්‍ය ආයතනවලින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවල මුද්‍රිත පිටපත් 12 දක්වා හා සංයුක්ත තැටි පිටපත් 02 දක්වා අඩු කෙරේ

    සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම හා උපදෙස් මත, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වාර්තාවල පිටපත් සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය කටයුතු කර ඇත. රටේ පවතින කඩදාසි හිඟය හා ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය වියදම් අඩුකිරීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් සිදු කරන ලද කරුණු දැක්වීම හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සිදු කෙරුණු දීර්ඝ සාකාච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව,සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    මේ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන රාජ්‍ය ආයතනවල වාර්තා භාෂා තුනෙන් ම පිටපත් 12 ක් හා භාෂා තුනම ඇතුළත් සංයුක්ත තැටි 02ක් පමණක් ගෙන්වා ගැනීමට සභානායක කාර්යාලය කටයුතු ආරම්භ කර ඇති බව, සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා සඳහන් කළේය.

    මීට පෙර පාර්ලිමේන්තුව වෙත එක් භාෂාවකින් පොත් 350 බැඟින් භාෂා ත්‍රිත්වයෙන්ම වාර්තා ඉදිරිපත් කර ඇත. පසුව මෙම වාර්තා භාෂා තුනම එක් පොතක මුද්‍රණය කර පොත් 22 ක් හා භාෂා තුනම ඇතුළත් සංයුක්ත තැටි 248 ක් ගෙන්වා ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya