මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවේ අනුමතිය

    ජූනි 08, 2022

     2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා සම්මතයන් සදහාද අනුමතිය

    අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අද (08) විවාදයට ගැනීමෙන් අනතුරුව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.


    2022 වර්ෂයේදී ආර්ථිකයේ ඇති වූ අයහපත් තත්ත්වයන් හේතුවෙන් පීඩනයට පත් වූ සමාජයේ විවිධ කොටස් සඳහා සහන සැලසීමට සහ උද්ධමනය හේතුවෙන් සැපයුම්වල වියදම් ඉහළ යාම ආවරණය කිරීමට අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා මෙම පරිපූරක ඇස්‍තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.

    2022 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට ගෙවනු ලබන රුපියල් 5,000ක මාසික දීමනාවක් තවදුරටත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 87,000 ක්ද 2022 ජනවාරි මාසයේ සිට විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක මාසික දීමනාව තවදුරටත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 40,000 ක් ද 2022 ජනවාරි මාසයේ සිට සමෘද්ධිලාභීන්ට ගෙවනු ලබන රුපියල් 1000ක අමතර දීමනාව තවදුරටත් කියවීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක් ද මුදලක්ද මෙම ඇස්මේන්තුවට අනුව වෙන් කර ඇත.

    තවද බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 50,000 ක මුදලක්ද හරිත කෘෂිකර්මාන්තයේ යෙදවුම් භාවිතා කිරීම වෙනුවෙන් ඇගයීම් දිරිගැන්වීම් සඳහා රුපියල් මිලියන 12,000 ක මුදලක්ද පොහොර සහනාධාරය සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 50,000 ක මුදලක්ද පරිපූරක ඇස්තමේන්තුව මගින් වෙන් කර ඇත.

    මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආරක්ෂක අංශ රෝහල් හා බන්ධනාගාරය වැනි ආයතන වල ආහාර හා අනෙකුත් සැපයීම් වල ඇති විය හැකි හිඟ ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් මිලියන 25,000 ක්ද මිල ඉහළ යාම හේතුවෙන් ගෙවීමට සිදුවිය හැකි වෙනත් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 4,500 ක්ද ණය පොලී ගෙවීම් සදහා රුපියල් බිලියන 21500 ක්ද මේ අතර වේ.

    එසේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඉන්දියානු ණය වැඩසටහන යටතේ ලද ණය මුදල උපයෝජනය/ ගිණුම්ගත කිරීම සදහා රුපියල් මිලියන 250,000 ක්ද දුෂ්කර ආර්ථික තත්ත්වයන්
    හේතුවෙන් පීඩාවට පත් ජනතාව, සමෘද්ධි ප්‍රතිලාභීන් හා දැනට එවැනි යම් ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් ලබා ඇති පොරොත්තු ලේඛනගතව සිටි ප්‍රතිලාභීන් සඳහා උචිත සහන උපයෝජනය සදහා ලෝක බැංකුව සලසා දෙනු ලබන මිලියන 140,000 ක මුදලක් ද මෙම ඇස්තමේන්තුවට අයත් වේ.

    මේ අනුව ලෝක බැංකුව හා ඉන්දියන් රජය විසින් සපයා දෙනු ලබන අරමුදල් හැර අනෙකුත් මුදල වන රුපියල් මිලියන 305,000 ක් සඳහා දේශීය අරමුදල් සලසා ගත යුතුව පවතී. තවද 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ සාදන ලද නියමයන්ද විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීම සිදුවිය.

    2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියට අනුව අදාළ වර්ෂයේදී උද්ගත වන අවශ්‍යතාවන් සලකාබලා විසර්ජන පනත යටතේ ලබා දී තිබූ අත්තිකාරම් ගිණුම් සීමාවන් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයා සතු බලතල අනුව මෙම නියමයන් පනවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya