අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂ්කරතාවයකින් තොරව මහජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට එළඹෙන 15දින සිට වැඩසටහනක්

    ජූනි 07, 2022

    ලංගම බස් ඩිපෝ සඳහා මීට පෙර ලබා දුන් ඉන්ධන මෙන් දෙගුණයක ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන බවත් පාසල් බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන මෙම ඩිපෝ මගින් ලබා ගත හැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිණි.

     

    දුෂ්කරතාවයකින් තොරව මහජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම එළඹෙන 15 දින සිට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එළඹෙන 15 දා සිට ,දුම්රිය වාර ගණන වැඩි කිරීම සහ දුම්රිය මැදිරි ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවද කීය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya