අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයින් විදේශ ගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන චක්‍රෙල්ඛය හැකි ඉක්මනින් නිකුත් කරනවා-අමාත්‍ය මනූෂ නානායක්කාර

    ජූනි 07, 2022

    රාජ්‍ය සේවකයින් විදේශ ගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන චක්‍රෙල්ඛය හැකි ඉක්මනින් නිකුත්  කරන බව සම කැබිනට් ප්‍රකාශක කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මේ සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා වූ බවද අමාත්‍යවරයා කීය. රාජ්‍ය සේවකයින් විදේශ රැකියාවක් සදහා පිටත්ව යාමේ දී, එය ඔවුන්ගේ විශ්‍රාම වැටුපට සහ ජ්‍යෙෂ්ඨත්වයට බලනොපාන බවට වන චක්‍රලේඛය නිකුත් කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමග අවශ්‍ය නීති රීති සම්පාදනය කරමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    විදේශගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඉහළ දමා ගනිමින් රටතුළ ඇතිවී තිබෙන අර්බුදවලට විසදුම් ලබාගැනීමට ක්‍රියාත්මක කරනු ලබන කඩිනම් වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයින්ට මෙසේ විදේශ රැකියා අවස්ථාවන් ලබාදීමට රජය කටයුතු කරමින් සිටී.

    1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    මෑතක සිට නීතිඥ නොවන නියෝජිතයින් කම්කරු විනිශ්චය සභා ඉදිරියේ පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබුණද ඒ සම්බන්ධයෙන් විවිධ ගැටලු පැන නැගී ඇත. මෙම තත්වය වැළැක්වීමේ අරමුණින් අමාත්‍යවරයා ඊයේ දිනයේ මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

    කම්කරු විනිශ්චය සභා ස්ථාපිත කරන ලද අවධියේ පටන් නීතිඥයින් හා සමාන පදනමින් , කම්කරු විනිශ්චය සභා ඉදිරියේ පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් පෙනී සිටීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින්ට සහ නීතිඥ නොවන නියෝජිතයින්ට අවස්ථාව ලබා දී ඇත.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya