අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද සිට 10 දක්වා රැස්වෙයි

    ජූනි 07, 2022

    පාර්ලිමේන්තුව ජූනි 7 සිට 10 දක්වා රැස්වෙයි

    අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය ලබන 8 වැනිදා ප.ව 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    තවද 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ සාදන ලද නියමයන්ද එදින විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවැසීය.

    ජුනි (02) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya