අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන නොමැති නම් විදුලි උත්පාදනට එකම විසඳුම පුනර්ජනනීය බලශක්තියයි -ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති

    ජූනි 06, 2022

    නිසි කලට විදුලි බලාගාර ඉදි නොකිරීම විදුලි අර්බුදයක් ඇතිවීමට එක් හේතුවක් බවත් ඉන්ධන නොමැති නම් විදුලි උත්පාදනට එකම විසඳුම පුනර්ජනනීය බලශක්තිය බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩූ මහතා පැවසීය

     

    ඒ මහතා මේ බව කියා සිටියේ,ලංකා විදුලිබල මණ්ඩලය මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 500 ක සුළං බලාගාරයක් ඉන්දියාවේ අදානි සමාගමට, ඒකකයක් ඩොලර් හතකට ආසන්න මුදලකට ලබා දෙන බවට ඇති පුවත සම්බන්ධව අද (06) පැවති කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

     

    මෙය නව තාක්ෂණයක් බව කී සභාපතිවරයා , ආණ්ඩුවේ ඉඩම් මෙන් නොව පොද්ගලික ඉඩම් මේ සදහා යොදා ගැනීමේදී ඉඩම් හිමියාට හානියක් නොවන අයුරින් මේ අවබෝධතා ගිවිසුම් අත්සන් කළ යුතු බවද කීය .

     

    අවබෝධතා ගිවිසුමට අනුව තම නිලධාරීන් ක්‍රියා කරන බවත් කිසිදු බලධාරීයෙකුට, ආයතනයකට නීති කඩ කිරීමට නොහැකි බවත් කී ඒ මහතා,සුළං බලයෙන් විදුලි උත්පාදනට ඇති සක්‍යතාවයන් හඳුනා ගැනීමට අවශ්‍ය බවත් සක්‍යතාවයක් නොමැති බව විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිළිගතහොත් එය එතනින් නිම බවත් එය පිළිගතහොත් පමණක් ඊලග පියවරට යා හැකි බවද කිවේය.

     

    එසේම මේ සදහා මුදල් ගෙවීම තීරණය කරනුයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව බව පැවසු සභාපතිවරයා , ඊට අවශ්‍ය මුදල් ගෙවීම් සිදුවන්නේ රුපියල්වලින් හෝ ඩොලර්වලින්ද නැතිනම් රුපියල් වලින් ගෙවා ඩොලර්වලට පරිවර්තනය කරනවාද යන තීරණය ගන්නේ ආයෝජන මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය බවද කීය.

     

    2013 සිට සුළං ,සූර්ය ශක්තිය අපතේ යන බව කී සභාපතිවරයා , ඉන්ධන අර්බුදය විසදීමට මෙය යොදා ගත යුතු බවත් විදුලි උත්පාදනට අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු සඳහා විශාල පිරිවැයක් යන බවද කීය .

     

    නිසි කලට විදුලි බලාගාර ඉදි නොකිරීම විදුලි අර්බුදයක් ඇතිවීමට එක් හේතුවක් බව පැවසූ සභාපතිවරයා, විදුලි අර්බුදය පැමිණීමට තිබුණේ 2018 වසරේදී වුවත් පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එම තත්වය තරමක් දුරට මගහැරී ගිය බවද පැවසුවේය.

     

    විදුලිය අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම බිලියන 277 වුවත් වියදම බිලියන 755 බව පැවසූ සභාපතිවරයා , ඒ අනුව බැලීමේදී 250 % කින් පමණ විදුලි බිල වැඩි කළ යුතු බවත් එවැනි දෙයක් රජය සිදු නොකරන බවත් සාධාරණ ගණනකින් විදුලි බිල වැඩි කිරීමට තමන් එකඟ බවද කිවේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya