මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිට්‍රෝ ගෑස් සමාගමේ කණ්ඩායම හෙට කෝප් කමිටුවට කැඳවන්න - ප්‍රමාදයට හේතු දැනගන්න- අග්‍රාමාත්‍ය

    මැයි 19, 2022

    ලිට්‍රෝ ගෑස් සමාගමේ කණ්ඩායම හෙට (20) පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට ගෙනැවිත් ප්‍රමාදයට හේතු සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෝප් කමිටුවේ සභාපතිවරයාට දන්වා සිටියේ ය.

    ගෘහස්ථ ගෑස් සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අද (19) පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිළි කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    ගෑස් ප්‍රශ්නය පිළිබඳ තමන් ඊයේ දින ප්‍රකාශයක් කළ බවත් ඊයේ රාත්‍රී අට වන තුරු ලොරි යොදවා නොතිබූ බවත් එම නිලධාරින් පාර්ලිමේන්තුවට කැඳවන බවත් අග්‍රාමාත්‍යවරය කීය.

    එමෙන් ම ඉදිරියේ දී අමාත්‍යවරු පත් කිරීමේ දී අමාත්‍ය වැටුප ලබා ගන්නේ නැති බව ද අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමටත් සාකච්ඡා සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya