අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබේ

    මැයි 14, 2022

    2022 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බව සුටාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    2022 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් 2022 මැයි මස 15 වන වෙසක් පුන් පසලොස්වක් පොහෝ දින හා 2022 මැයි මස 16 වන වෙසක් දිනට පසු දිනය යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

     

    ඒ අනුව එම දිනයන්හි සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya