මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලනවා

    මැයි 09, 2022

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග ජනපති කියයි.

    පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව සමග  (08) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    වර්තමාන තත්ත්වය පාදක කර ගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රධාන යෝජනා 13ක් එහි විධායක සභාවට ඉදිරිපත් කර ඒකමතිකව සම්මත කර ගැනිණ.

    එම යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය සාකච්ඡාවට ලක් කළ ජනාධිපතිතුමා එහිදී නීතියේ ආධිපත්‍ය සුරැකීමේ වැදගත්කම අවධානයට ලක් කරනු ලැබීය.

    ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව අතර එම යෝජනා සම්බන්ධයෙන් දීර්ඝව පැවති සාකච්ඡාවේදී සියලු යෝජනා කෙරෙහි අවධානයට ගැනිණ.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදි යන මහත්වරු ඇතුළු විධායක සභාවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya