අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීර්ග කාලීන ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා පවතින ආර්ථික අර්බුදය වෙස්වලාගත් ආශිර්වාදයක් කර ගත යුතුයි

    මැයි 04, 2022

    දීර්ග කාලීන ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා පවතින ආර්ථික අර්බුදය වෙස්වලාගත් ආශිර්වාදයක් කර ගත යුතු බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

    අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ, අද වන විට අපේ රට නිදහසින් පසු මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින බවයි. ඇතැම් පුද්ගලයන්ට මෙම ආර්ථික අර්බුදයේ බරපතල බව පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බව, පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා මෙම තත්ත්වය නිසි පරිදි කළමණාකරණය කර නොගතහොත් ඉදිරියේ දී ඉතා භයානක තත්ත්වයකට අපේ රට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන්නේය. මෙම තත්ත්වයට මුහුණ දීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අර්මදල මඟින් හැකි ඉක්මනින් සහන ලබා ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    දශක කිහිපයක සිට පැවත එන ශ්‍රී ලංකා ආර්ථකයේ මූලික සාර්ව, ආර්ථික දුර්වලතා මෙම තත්ත්වය ඇති වීමට මුල් වී ඇති බවත් බලයේ සිටි සෑම රජයක්ම මේ සඳහා වගකිවයුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම තත්ත්වයට මුහුණ දීමට නම් හැකි ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගත කර ගත යුතු බවත්, එහිදී IMF සහන ලබා ගත හැකි වනු ඇතැයිද කීය. එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවම වශයෙන් තවත් මාස 06ක පමණ කාලයක් ගත වනු ඇතැයිද අමාත්‍යවරයා කීය.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය සඳහා මහ බැංකු අධිපතිවරයා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් ඒ සඳහා කටයුතු කරන බවත් කිසිදු දේශපාලන මැදිහත් වීමක් ඒ සඳහා නොමැති බවද අමාත්‍යවරය කීය.

    IMF සහන ලබා ගැනීම සම්බන්ධයෙන් චීන රජය එතරම් සතුටු නොවන බව ප්‍රකාශ කළ ද , පසුගියදා තමා චීනය සමග පැවති සාකච්ඡාවක දී IMF සඳහා පූර්ණ සහය ලබා දෙන බව ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    තවද ඉන්දියාව ඇමරිකානු ඩොලර් 500ක මුදලක් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා දුන් බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබා දී ඇතැයිද මානුෂික ආධාර යටතේ ලෝක බැංකුව ලබා දෙන ඇ.ඩො.මිලියන 400ක මුදල, ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් දක්වා වැඩි කරගැනීමට සාකච්ඡා කරන බවත් පැවසීය.

    අද වන විට මෙරට බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 24% සිට 8.6 දක්වා අඩු වී ඇත. මෙරට සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, තෙල් මිල ඉහළ යෑම, සහ ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයෑම මෙරට මෙරට විදේශ සංචිත අහිමිවීමට ප්‍රධාන වශයෙන් බලපෑ බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අපේ පාලනයේ තොරවූ කොවිඩ් ව්‍යසනය සහ යුක්රේන යුද්ධය මීට බලපෑ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අද වන විට වසර 50කට පසු ඇමරිකාව මුහුණ දෙන වැඩිම උද්ධමනය වාර්තා වෙන බවත් යුරෝපයේ සහ පාකිස්ථානය වැනි රටවල මෙම තත්ත්වය දැකිය හැකි බවද පෙන්වා දුන්නේය. එහෙත් එම රටවල යම් සංචිත තිබුණත් මෙරට සංචිත අපී අහිමිකරගෙන ඇතැයි අමාත්‍යවරයා කීය.

    '' දේශ පාලන අර්බුදයට අර්බුදය නිම කළ පමණින් භූමියේ ආර්ථික අර්බුදයට නිසි කළමනාකරණයකින් තොරව කටයුතු නොකළොත් විසඳුම් ලැබෙන්නේ නෑ. තට්ටු මාරු වුනාට කවදාවත් මාරු නොවන දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිපත්තියක් සැලසීම සඳහා මේ අර්බුදය වෙස් වලාගත් ආශිර්වාදයක් ලෙස සලකා කටයුතු කළ යුතුයි. කිසිම ආණ්ඩුවකට තනිව විසඳුම් සොයන්න බෑ. ගෝ හෝම් කියන එක විසඳුමක් නොවේ.පොළොවේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට එක්ව කටයුතු කරමු. යලි රට නිවැරැදි මාවතකට ගෙන ඒමට එකතුව කටයුතු කරමු. පක්ෂ පාට භේදයකින් තොරව මෙම අර්බුදය ජයගැනීමේ ජාතික වගකීමක් සෑම දෙනා සතුයි''යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya