අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට උපන් සෑම කෙනකුටම රටේ ගෞරවයෙන් ජිවත් වීමේ අයිතිය තිබිය යුතුයි - ජනමාධ්‍ය අමාත්‍ය

    මැයි 03, 2022

    ජාතිවාදය ඉස්මතු කිරීමට හෝ කිසිවෙකු සමාජයෙන් කොන් කිරීමට කවුරුන් හෝ තැත් කරන්නේ නම් ඊට එරෙහිව රජය නැඟී සිටින බවත්, ඒ අනුව මෙරට උපන් සෑම කෙනකුටම රට තුළ ගෞරවයෙන් ජිවත් වීමේ අයිතිය තිබිය යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (03) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ගේ පැනයට පිළිතුරු වශයෙනි.

    ගලුමුවදොර පිටියේ පැවැත්වෙන සාමකාමී විරෝධතාවයෙන් මතුවන විවිධ අදහස් අතරේ එම සාමකාමී උද්ඝෝෂණය ඇතැමුන් වැරදි ලෙස භාවිතා කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, කවුරුන් හෝ තමන් ව බළල් අතක් ලෙස භාවිතා කිරීමට ඉඩ තිබේ ද යන්න පිළිබඳව ජනතාව විචාර බුද්ධියෙන් යුතුව සිතා බැලිය යුතු වන බවත් පැවසුවේ ය.

    වත්මන් රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව ජනතාවගේ මතය නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දී තිබෙන අතර ජනතාව විසින් කරන සාමකාමී විරෝධතාවයන් ජනාධිපතිවරයා විසින් කිසිසේත් තම බලය භාවිතා කරමින් නැවත්වීමට කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන නමුත් එහෙත් ජනතාවට හිරිහැරයක් කරදරයක් සිදු නොකරන තුරු රජය එම අරගල වලට බාධා නොකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya