මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව කෙන්යාවේ නයිරෝබි නුවර දී

    අප්‍රේල් 30, 2022

    කෙන්යාවේ නයිරෝබි නුවර දී 21 වෙනි වරටත් පැවැත්වූ වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවට, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් ජෙනරාල්, පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්  මහත්මියගේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමා පසුගිය 27, 28 යන දෙදින පුරා (2022 අප්‍රේල්) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහභාගි විය.

    "කොවිඩ්-19 වසංගතයෙන් පසු ව නවෝත්පාදන, වැඩ ලෝකය සහ තිරසාර සංවර්ධනය උදෙසා අධ්‍යාපන සංවර්ධනය" යන තේමාව මුල් කරගනිමින් පැවති මෙවර සමුළුවේ දී එහි සමාරම්භක උළෙල අමතා දකුණු ආසියාව නියෝජනය කරමින්, COVID-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්වය, අභියෝග, උගත් පාඩම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධ ව මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි.

    මෙහි දී ආර්ථික වර්ධනය සඳහා අධ්‍යාපනය, COVID-19 වසංගතයෙන් පසු වඩාත් ශක්තිමත් ව නැවත ගොඩනැගීම සහ මූල්‍ය අර්බුද, දේශගුණික විපර්යාස, වසංගත වැනි අනපේක්ෂිත ව්‍යසනකාරී සහ අර්බුදකාරී තත්ව හමුවේ වුව ද, සම-සාධාරණ අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් හා ඔරොත්තු දීමේ හැකියාව සහිත ව අධ්‍යාපන පද්ධතිය ගොඩනැංවීමේ කාලීන අවශ්‍යතාව මෙන් ම ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව ද සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කේ. කපිල සී. කේ. පෙරේරා මහතා සහ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන), ආචාර්ය මදුරා එම්. වේහැල්ල මහත්මිය ද මෙම සම්මේලනය සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya