මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සංස්ථා සභාපතිවරයා නැවත කෝප් කමිටුවට

    අප්‍රේල් 23, 2022

    කෝප් කමිටුවට පැමිණිමට නියමිතව තිබියදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සංස්ථා සභාපතිවරයා නැවත කෝප් කමිටුවට කැඳවයි.

    කෝප් කමිටුවට පැමිණිමට නියමිතව තිබියදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා නැවත කෝප් කමිටුවට කැඳවා තිබුණි.
    මෙසේ එම සභාපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    පසුගිය අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව වෙත සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව කැඳවා තිබූ අතර මේ සඳහා එම සංස්ථාවේ සභාපතිවරයා සහභාගී නොවන බව එදින පැමිණ සිටි නිලධාරීන් පැවසීය. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ මෙම සංස්ථාවේ සභාපතිවරයා පසුගිය අප්‍රේල් 18 දින එනම් කෝප් කමිටුවට කැඳවීමට පෙර දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කොට තිබීමයි. නමුත් මේ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අමාත්‍යාංශ අනුමතිය තවම ලැබී නැති බැවින් ඔහුගේ ඉවත්වීම තවමත් නීත්‍යානුකූල නොමැති බවත් ඒ අනුව ඔහු නැවත කෝප් කමිටුවට කැඳවීමට කටයුතු කරන බවත් කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය. ඒ අනුව මෙසේ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවා තිබුණි.

    විශේෂයෙන් මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කළේ තමන් මෙම සභාපතිධූරයෙන් ඉවත් වූයේ මෙම සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ නිසාද යන්නයි. නමුත් මෙහිදී ඔහු සඳහන් කළේ එසේ
    නොවන බවත් තමන් ව්‍යාපාරිකයෙකු නිසා කාර්යබහුල බැවින් මෙම සංස්ථාවෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

    මෙහිදි කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ මහජන මුදල් යටතේ පවතින ආයතනයක නිලධාරියෙක් ඕනෑම අවස්ථාවක කෝප් කමිටුවට කැඳවීමට හැකි බැවින් මෙසේ ඔහු කෝප් කමිටුවට කැඳවූ බවයි. එසේම මෙම ඉල්ලා අස්වීම නිසි ක්‍රමවේදයට අනුව සිදුවී නැති බවද කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya