මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව බ්ලූ ප්ලැනට් (Blue Planet) අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කරයි

    අප්‍රේල් 23, 2022

     ශ්‍රී ලංකාව බ්ලූ ප්ලැනට් (Blue Planet) අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කරයි

     බ්ලූ ප්ලැනට් අරමුදලේ (BPF) ප්‍රථම සාගර රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ (OCPP) ජෛව විවිධත්ව පාර්ශ්වකරුවන්ගේ සැසිය මාර්තු 14 වැනි දින පරිසර අමාත්‍යාංශයේ දී පැවති අතර, එහිදී Defra ප්‍රමුඛ බ්ලූ ප්ලැනට් අරමුදලේ ශ්‍රී ලංකා සංචාරය හඳුන්වා දෙන ලදි. බ්ලූ ප්ලැනට් අරමුදලේ (BPF) සාගර රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ (OCPP) දෙවැනි රැස්වීමඑදිනම ධීවර හා මුහුදු ආහාර අංශයට සම්බන්ධ ආයතන සමඟ පවත්වන ලදි. එක්සත් රාජධානියේ නිල සංවර්ධන ආධාර (ODA) අයවැය හරහා අරමුදල් සැලසෙන පවුම් මිලියන 500 ක වටිනාකමකින් යුත් බ්ලූ ප්ලැනට් අරමුදල, සාගර පරිසරය ආරක්ෂා කිරීම සහ දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය සහය ලබා දෙයි. තවද, එය ප්ලාස්ටික් දූෂණය, මුහුදු උෂ්ණත්වය ඉහළ යාම සහ අධික ලෙස මසුන් ඇල්ලීමෙන් සාගරය ආරක්ෂා කිරීම යනාදිය සඳහා එක්සත් රාජධානියේ රජය විසින් වැඩිදියුණු කරන ලදි. 2030 වන විට ගෝලීය සාගරයෙන් අවම වශයෙන් 30% ක් ආරක්ෂා කිරීම සඳහා එක්සත් රාජධානියේ කැපවීම සහ සාගරයට ඇතුළු වන ප්ලාස්ටික් දූෂණය නැවැත්වීම සඳහා එක්සත් රාජධානිය සහ වනුවාටු ප්‍රමුඛ පොදු රාජ්‍ය මණ්ඩලයීය පවිත්‍ර සාගර සන්ධානය හරහා එක්සත් රාජධානියේ පවතින කැපවීම් මෙයට ඇතුළත් වේ.

     

    මෙම අරමුදලේ එක් වැඩසටහනක් වන්නේ විෂය පථය සහ අවශ්‍යතා තක්සේරු කිරීම්, සාගර හවුල්කාරිත්ව සහ සාගර දූෂණ සම්බන්ධයෙන් වන හදිසි ප්‍රතිචාර යනාදිය මත පදනම්ව අලුතින් නිර්මාණය කරන ලද ද්විපාර්ශ්වික තාක්ෂණික ආධාර වැඩසටහන යි. OCPP වැඩසටහනේ අරමුණ වන්නේ, සමුද්‍ර දූෂණය, ජෛව විවිධත්වය නැතිවීම සහ තිරසාර මුහුදු ආහාර සඳහා සහාය වීම යන මූලික තේමා තුන හරහා සමුද්‍ර විද්‍යා තාක්ෂණික සහාය ලබා දීමයි. මෙම වැඩසටහන මඟින් සමුද්‍ර විද්‍යා විශේෂඥතාව ශක්තිමත් කිරීම, විද්‍යාව පදනම් කරගත් ප්‍රතිපත්ති සහ කළමනාකරණ මෙවලම් සංවර්ධනය කිරීම සහ වෙරළබඩ ප්‍රජාවන් දැනුවත් කිරීම සඳහා රටවලට සහාය වීම සිදු කෙරේ. සෞඛ්‍ය සම්පන්න සමුද්‍ර පරිසර පද්ධති මත යැපෙන වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් සඳහා ස්පෘශ්‍ය සහ ධනාත්මක බලපෑම් ලබා දීම, OCPP හි අවසාන අරමුණයි. බෙලීස්, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින සහ පැසිෆික් කලාපය OCPP හිවත්මන් හවුල්කරුවන් වේ.

     

    මීට අදාළව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අතර දේශගුණය සහ පරිසරය සම්බන්ධ තවත් මුලපිරීම් කිහිපයක් සම්බන්ධයෙන් පවතින සමීප සහ ක්‍රියාකාරී සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාව බ්ලූ ප්ලැනට් අරමුදලේ සාගර රට සහයෝගීතා වැඩසටහන (BPF – OCPP)යටතේ සහාය ලබා ගැනීම සඳහා හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව සමඟ OCPP හි සහයෝගීතාවයේ කොටසක් ලෙස, එක්සත් රාජධානියේ රජයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුව (Defra), පරිසර මධ්‍යස්ථානය, ධීවර හා ජලජීවී වගා විද්‍යා ආයතනය (Cefas), ඒකාබද්ධ ජාතික සංරක්ෂණ කමිටුව (JNC) සහ සමුද්‍ර කළමනාකරණ සංවිධානයේ (MMO) නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් 2022 මාර්තු 14 සිට 18 දක්වා දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම එක්සත් රාජධානියේ නියෝජිත පිරිස විසින් දේශීය පාර්ශ්වකරුවන් සමඟ රැස්වීම්, ක්ෂේත්‍ර චාරිකා සහ සාකච්ඡා කිහිපයක් පවත්වන ලදී. මෙම සංචාරයට පෙර, 2022 පෙබරවාරි 28 සිට මාර්තු 11 දක්වා Cefas හි තාක්ෂණික කණ්ඩායම් සංචාරයක් පැවැත්විණි.

     

    ප්‍රථම සැසියේ දී අදහස් දැක්වූශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය, මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පළ කළ අතර, අනාගත හවුල්කාරිත්වයන් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළාය. UNFCCC COP-26 සමුළුව හමුවේ ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ පුළුල් පරාසයක සහයෝගීතාව සහ කැපවීම් පිළිබඳව ද එතුමිය තවදුරටත් ශ්‍රී ලංකා රජය පැසසුමට ලක් කළා ය.ඉදිරියේ දී මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දැක්වීමට එක්සත් රාජධානිය උනන්දු වන බවත්, ඔවුන්ගේ පාරිසරික නිරතවීම් හා සබැඳි අද්විතීයවේදිකාව ගොඩනැගීම සඳහා උනන්දු වන බවත්, එතුමිය මෙහිදී ප්‍රකාශ කළා ය. 2021 දී සමුද්‍ර දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ආධාර සැපයීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය කසළ වැඩසටහන (CUP) යටතේ එක්සත් රාජධානියේ රජය පවුම් මිලියනයකට ආසන්න මුදලක් වැය කළේය. මෙම CUP වැඩසටහන හරහා ලබාදෙන සහායට, MEPA, NARA, ITI සහ CEA ආයතන වෙත ක්ෂුද්‍ර ප්ලාස්ටික් විශ්ලේෂණය කිරීමට රසායනාගාර පහසුකම් සැපයීම, ප්‍රාථමික සහ ද්විතීයික පාසල් සඳහා දේශීය භාෂාවලින් අධ්‍යාපන කට්ටල සංවර්ධනය, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍ය සඳහා දේශීය භාෂාවලින් මාධ්‍ය කට්ටල සංවර්ධනය, පර්යේෂණ සහයෝගීතාව, අත්හැර දමන ලද මසුන් ඇල්ලීමේ ආම්පන්න සහ වරායවල එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණ තක්සේරු කිරීම, ගංගා සඳහා කසළ උගුල් සැපයීම යනාදිය ඇතුළත් වේ. පරිවර්තනීය ක්‍රියාවන් මෙහෙයවීමට සහ මිනිසුන්, විද්‍යාව සහ ග්‍රහලෝකය අතර සබඳතාව වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දැක්වීමට එක්සත් රාජධානියේ නියෝජිතයෝ කැමැත්ත පළ කළහ.

     

    පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් OCPP ප්‍රදානය සහ සමුද්‍ර ජෛව විවිධත්වය සහ සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ වසමේ ප්‍රමුඛතා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. එහිදී, EEZ සඳහා සාගර අවකාශීය සැලසුම් කිරීම, හඳුනා ගැනීම සහ නම් කිරීම සඳහා සම්පූර්ණ සැලැස්මක් නොමැති වීම; 30x30 සඳහා පැහැදිලි මාර්ගයක් නොමැති වීම සහ ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (NBSAP)/ කෙටුම්පත් ජාතික පරිසර ක්‍රියාකාරී සැලැස්ම (NEAP) හි සමුද්‍ර අංශයට අදාළ කැපවීම්; අක්වෙරළ අවකාශීය සැලසුම් තවමත් ඉතා ප්‍රාථමික ය; බහු භාවිතය - පවතින MPA තුළ බහු -පාර්ශ්වකරු ස්වභාවය සහ වෙරළබඩ සම්පත් භාවිතය සඳහා SEA නොමැති වීම වැනි ප්‍රධාන කළමනාකාරිත්ව ගැටළු ඔහු විසින් ඉස්මතු කරන ලදී. ජාතික පරිසර ප්‍රතිපත්තිය මත පදනම්ව ජාතික පරිසර ක්‍රියාකාරී සැලැස්ම (NEAP) මෑතක දී සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. වෙරළ සහ සමුද්‍ර සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය NEAP සැලැස්ම යටතේ හඳුනාගත් ප්‍රධාන තේමා ක්ෂේත්‍රයකි.

     

    වෙරළබඩ සහ සමුද්‍ර ධීවර කටයුතු, සංචාරක කර්මාන්තය, කර්මාන්ත, සමුද්‍ර ප්‍රවාහනය (වරාය සහ නාවික), වෙරළබඩ හා සමුද්‍ර සම්පත් හා පරිසරය හා සම්බන්ධ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් කිහිපයකි. සියලුම ආර්ථික ක්‍රියාකාරකම් අතුරින්, සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තය වැඩි වශයෙන්ම රඳා පවතින්නේ වෙරළ තීරයේ පවතින ස්වභාවික සම්පත් මතය. සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම අංශ දෙක එක්ව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම්වලින් සියයට 10 ක් උත්පාදනය කරන අතර, රැකියාවලින් 6.7% ක් ජනනය කරයි. ‘තිරසාර මුහුදු ආහාර වැදගත් වන්නේ ඇයි?’ සහ ‘අධික ලෙස සූරාකෑම, දූෂණය, ජෛව විවිධත්වය අහිමි වීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සාගරය බරපතළ සහ උග්‍ර තර්ජනවලට මුහුණ දෙන වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් විශේෂාකාරයෙන් සාගරය මත රඳා පවතින්නේ කෙසේද?’ යන කරුණු කෙරෙහි දෙවැනි රැස්වීමේ අවධානය යොමු විය.

     

    ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීම සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති සඳහා සහාය වන අයුරින්, සමුද්‍ර තොග අධික ලෙස සූරා නොගෙන, තිරසාර, සියල්ල ඇතුළත් සහ සාධාරණ ජීවනෝපායන් සපයීම සහ දේශගුණය සහ සමාජ ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සහතික කිරීම සඳහා සහය සැපයීම බ්ලූ ප්ලැනට් අරමුදල මගින් අරමුණු කරයි. OCPP හි වැඩසටහන්වලට ස්ත්‍රී පුරුෂ භාවය සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, දේශගුණික විපර්යාස, ආර්ථික කම්පන යනාදී හරස් කැපුම් තේමා ද ඇතුළත් වනු ඇත.

     

    ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වන්ස්ටෝල් මැතිනියප්‍රකාශ කළේ පාරිසරික හා වනජීවී සංරක්ෂණය එක්සත් රාජධානියේ මෙන්ම ශ්‍රී ලංකාවේද අවධානයට යොමු වී ඇති කරුණක් බවත්, මෙම ප්‍රයත්නයේ දී සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අතිශයින් වැදගත් වන බවත්ය. ග්ලාස්ගෝ දේශගුණ ගිවිසුමේ වගකීම් වැදගත් වන බවත්, ඒවා ආරම්භ කළ යුතු බවත් එතුමිය වැඩිදුරටත් අවධාරණය කළා ය.

     

    විසිතුරු මත්ස්‍ය, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් වගාව, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය ගරු කාංචන විජේසේකර මැතිතුමාඑක්සත් රාජධානියේ රජය, බ්ලූ ප්ලැනට් අරමුදල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරියගේ සහයෝගීතාව පිරිනැමීම පිළිබඳව ස්තුතිය පුද කළේය. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පතෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ක්ෂය වී ඇති බවත්, සංචාරක ව්‍යාපාරයට ද සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පසු අස්වනු පාඩු (40%); තාක්ෂණික උපදෙස් ප්‍රමාණවත් නොවීම, ශක්තිමත් නීතිමය රාමුවක අවශ්‍යතාවය සහ සමුද්‍ර සම්පත් අධීක්ෂණය/කළමනාකරණය ඔහු අවධාරණය කළ ප්‍රධාන අංශ හතරයි. ජලජීවී වගාව සහ තිරසාර ධීවර කර්මාන්තය දියුණු කිරීමට සහය වන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. BPF - OCPP යටතේ සහයෝගිතාව සඳහා අදාළ ආයතනවලට රාජ්‍ය අමාත්‍යාංශය සිය උපරිම සහාය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද සමාප්ත කිරීමේසැසිය අතරතුර දී, එක්සත් රාජධානියේ කණ්ඩායම එක් එක් තේමාව යටතේ සබඳතා සහ අධ්‍යාපනය, විද්‍යාව සහ පාලනය සහ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරමින්, දැනට පවතින සමුද්‍ර දූෂණය, සමුද්‍ර ජෛව විවිධත්වය සහ තිරසාර මුහුදු ආහාර ආශ්‍රිත ක්‍රියාකාරකම් අඛණ්ඩව ගොඩනැගීම සඳහා ඉදිරිපත් විය. සහයෝගීතාව සඳහා වියහැකි ක්ෂේත්‍රවල අනෙකුත් ප්‍රධාන කරුණු අතරට, සමුද්‍ර අවකාශීය සැලසුම් සඳහා සහය, සමුද්‍ර ස්වාභාවික ප්‍රාග්ධනය තක්සේරු කිරීම, ශ්‍රී ලංකාව දැනටමත් කොටසක් වී ඇති 30 x 30 මුලපිරීම්වලට අනුකූලව සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා සහාය වීම, සමුද්‍රීය ආපදා සුදානම පිළිබඳ ශ්‍රී ලංකාවෙහි හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම, තිරසාර මුහුදු ආහාර නිෂ්පාදනය සහ වෙළඳාම ශක්තිමත් කිරීමට සහය වීම සහ ජාතික මුහුදේ IUU මසුන් ඇල්ලීම අවම කිරීම සඳහා සහාය වීම ඇතුළත් විය.

     

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    කොළඹ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya