මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට චීන අග්‍රාමාත්‍යවරයාගෙන් සහතිකයක්

    අප්‍රේල් 23, 2022

    ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ (22) පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා සහතික විය.

    “ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බවත් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා අප උපරිමයෙන් කටයුතු කරන බවත්” චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැවසීය.

    ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින හදිසි මූල්‍ය ගැටලු කිහිපයක් විසඳීමට චීනය ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බවට ද චීන අග්‍රාමාත්‍යවරයා මෙහි දී සහතික විය.


    නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව කඩිනමින් සාකච්ඡා පැවැත්වීම, මෙරට වෙළඳ හිඟය අවම කිරීම සහ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් චීන සංචාරකයින් ආකර්ෂණය කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පැවති මෙම දුරකථන සංවාදයේදී සාකච්ඡාවට ලක්විය.


    “දෙරට අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් පවතින සබඳතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් අපි එක්ව වැඩ කරනවා” යැයි චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.


    “මේ මොහොතේ ඔබ මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අපට හැඟීමක් තිබෙනවා. එම දුෂ්කරතා මගහැරීම වෙනුවෙන්ද අපි එක්ව කටුයතු කරන්නෙමු”යැයි චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා මෙහිදී කියා සිටියේය.
    චීන රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත්කළ මෙරට වෙනුවෙන් පිරිනමන මානුෂීය ආධාර සහ අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී චීන රජයට සිය ස්තූතිය පුද කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya