අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයෙන් හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට

    අප්‍රේල් 21, 2022

    චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) සහල් ටොන් 5000ක් (මින් පෙර ප්‍රකාශයට පත් කරන ලද ටොන් 2000ක ප්‍රමාණය ද සමඟ), ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව RMB මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී තිබෙන බව විදෙස් කටයුතු අමාත්‍යාංශය පවසයි.

    යුනාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5 ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බවද නිවේදනය කර තිබේ.

    චීන රජයේ සෘජු සහයෝගය, කලාපීය රජයේ සහයෝගය සහ චීන රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතුළුව හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහය ලබා දෙන බවට තානාපති චී මහතා සහතික වී තිබේ.

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා අද (21)දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමු වී තිබෙන අතර එහිදී දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය විදෙස් අමාත්‍යවරයා විසින් අගය කර තිබේ.

    ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින තත්ත්වය කොළඹ සහ බීජිං හි පිහිටි චීන තානාපති කාර්යාල සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya