අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම - ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැයි උපදෙස්

    අප්‍රේල් 21, 2022

    ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (20) දින පෙරවරුවේ විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය.

    ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් දුන්නේය. තමන් විසින් මෙයට පෙර යෝජනා කළ පරිදි හෙද අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් උපාධියක් ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බව ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය. දැනට දිවයින පුරා හෙද විද්‍යාල 17ක් තුළින් හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට එක්වන අතර සේවා අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක හෙද අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු විය.

    ඒ අනුව දේශීය සහ විදේශීය වශයෙන් හෙද සේවාවේ ඇති ඉල්ලුමට සරිලන ගුණාත්මක හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් හෙද උපාධියක් පිරිනැමීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීහු මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.

    ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, නාරාහේන්පිට අභයාරාමාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ සිය සංගමය 1991 වර්ෂයේ සිට මේ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන්හ.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ආසියානු ඵලදායීතා ආයතනයේ උපදේශක මහාචාර්ය එම්. තිලකසිරි, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උපසභාපති ආර්.කේ. බටුවිට මහත්වරු ඇතුළු අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya