අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු රැස්වීම අද සිට 22 දක්වා

    අප්‍රේල් 19, 2022

    පාර්ලිමේන්තුව අප්‍රේල් 19 සිට 22 දක්වා රැස් වෙයි.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (08)දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. එසේම මෙම සෑම දිනකම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා පිළිවෙලින් ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ.

    මේ අනුව අප්‍රේල් 19 වැනිදා (අද ) පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වීමට නියමිත අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද

    2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින්

    සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය. අප්‍රේල් 20 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2021.10.16 දිනැති අංක 2249/50, 2022.01.01 දිනැති අංක 2260/78 සහ 2022.01.01 දිනැති අංක 2260/79 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නිවේදන විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය. තවද එදින රේගු ආඥා පනත (235 අධිකාරය) ප්‍රකාරව

    මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022.01.11 දිනැති අංක 2262/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනාව ද විවාදයට ගැනීමට තීරණය වී තිබේ. අප්‍රේල් 21 පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද, 2021.11. 23 දිනැති අංක 2255/8, 2021.12. 21 දිනැති අංක 2259/9,

    2021.12.31 දිනැති අංක 2260/72 සහ 2022.01.11 දිනැති අංක 2262/15 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියමයන් ද විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය. අප්‍රේල් 22 පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා කාලය මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.09.17 දිනැති අංක 2245/31, 2021.10.29 දිනැති අංක 2251/63 සහ 2021.08.14 දිනැති අංක 2240/37 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කළ නියෝග විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya