අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති තනතුර වරප්‍රසාදයක් නොවේ- පිරිසිදු පාලනයකට කැපවන්න- ජනපති

    අප්‍රේල් 18, 2022

    ඇමති තනතුර වරප්‍රසාදයක් නොවේ ...
    කිසිඳු අමතර වරප්‍රසාදයක් භාවිතා නොකර පිරිසිදු පාලනයකට කැපවන්න ...
    දේශපාලන හේතු මත ගැනීමට ප්‍රමාද වූ තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුවත් ගත යුතුයි ...
    ව්‍යවස්ථාවේ සිදු විය යුතු වෙනස්කම් සඳහා සහාය දෙනවා .... ජනපති කියයි.

    ඇමති තනතුර වරප්‍රසාදයක් නොවේ. විශාල වගකීමක්. කිසිඳු අමතර වරප්‍රසාදයක් භාවිතා නොකර අවංක, කාර්යක්ෂම, පිරිසිදු පාලනයකට කැපවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි.

    තමන් යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර, ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කළ යුතුයි. බොහෝ ආයතන බරපතළ මූල්‍ය අර්බුද තත්ත්වයක පවතින හෙයින් රැකියාවලින් ඒවා පිරවීමට කටයුතු නොකර, රැකියා නිෂ්පාදනය කරන ආයතන බවට පත් කිරීම අමාත්‍යවරයා සතු වගකීමක් බව ජනාධිපතිතුමා පැවසීය.

    නව කැබිනට් අමාත්‍යවරු අමතා අද (18) පෙරවරුවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    ආර්ථික අර්බුදය නිසා මතු වූ ගැටලු රාශියකින් ජනතාව පීඩාවට පත්ව සිටිති. ඒ පිළිබඳ කනගාටු වන බව සඳහන් කළ ජනාධිපතිතුමා වර්තමාන අභියෝග සහ දුෂ්කරතා කළමනාකරණය කිරීමේ වගකීම පැහැර නොහරින බව සඳහන් කරයි. ජනතාව පත්වී ඇති දුෂ්කරතාවයෙන් අයුතු ප්‍රයෝජන ලබන ජාවාරම්කරුවන් පිරිසක් බිහි වී සිටි. මේ තත්ත්වය පාලනය කිරීමට රජය මැදිහත් වන බව ජනාධිපතිතුමා පැවසීය. දේශපාලන හේතු මත දශක ගණනාවක් පුරා ප්‍රමාද වූ ඇතැම් තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුවත් ගත යුතුව ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    රටේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව සතු වේ. ව්‍යවස්ථාවේ සිදු විය යුතු වෙනස්කම් ගැන විවිධ දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන ලද අදහස් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර සම්මත කරගැනීමට අවකාශය පවතී. ඒ සඳහා අවශ්‍ය සහාය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට ලබාදීමට සූදානම් බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

    ආර්ථිකය නිවැරදි මගට ගෙන, අනාගත පරම්පරාවේ අපේක්ෂාව ඉටු වන රටක් ගොඩනැගීමේ වගකීම රජය සතුය. උත්තරීතර ව්‍යවස්ථාවට ගරු කරමින්, ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කොට පවතින අර්බුදයෙන් රට මුදා ගන්නා බව සඳහන් කළ ජනාධිපතිතුමා, ඒ සඳහා ජනතාවගෙන් අවශ්‍ය සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya