මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන උත්සව සමයේ දී ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න

    අප්‍රේල් 08, 2022

    එළඹෙන උත්සව සමයේදී ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (08) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

     ඉන්ධන තොග මේ වන විට ලැබෙමින් පවතින බව පෙන්වා දෙන ඒ මහතා අද මෙට්‍රික්ටොන් 73,900ක ඉන්ධන තොගයක් ගොඩබාමින් පවතින බවත් වැඩිදුරටත් කියා සිටී.ඒ අනුව අප්‍රේල් මාසයේදී මෙට්‍රික්ටොන් 265,000ක ඉන්ධන තොග ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.අප්‍රේල් මාසය සඳහා පමණක් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 700ක මුදලක් වැය කර ඇති බවද ඒ මහතා පැවසීය.

    අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල්වල පෝළිම්වල රැඳී නොසිටන ලෙස පවසන ඒ මහතා කියා සිටියේ බූලිවලට ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි. තවද මෙම තත්වය ඉදිරියේදී විසඳීමට හැකි වන බවත් ජනතාවට අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කර නොගන්නා ලෙසත් විජේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.


    පසුගිය කාලයේදී ඉන්ධන බෙදාහැරීමේදී අර්බුදකාරි තත්වයක් ඇති වූයේ ඉන්ධන බෙදාහැරෙන පර්යන්ත දෙකට ඉන්ධන තොග නොමැතිවීමෙන් බව පෙන්වා දෙන ඒ මහතා මේ වන විට එම පර්යන්ත දෙකටම ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබී ඇති බව පැවසීය.මේ වන විට ඉන්ධන ඉල්ලුම වැඩි වී ඇති බවත් පසුගිය කාලයේදී බවුසරයක තෙල් ප්‍රමාණය දින දෙකකට ප්‍රමාණවත් වුවද වර්තමානයේ එම ප්‍රමාණය පැය දෙකකට පමණක් ප්‍රමාණවත් වී ඇති බව හෙතෙම කියා සිටී.


    මේ වන විට ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඒ මහතා ඛණිජ තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40කින් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 170ක් පාඩු බව පෙන්වා දුන්නේය.


    පසුගිය වසරේ මුල් මාස තුනේදී ඉන්ධන සඳහා වැය කළ මුදලට වඩා දෙගුණයක් මෙම වසරේ අප්‍රේල් මාසය සඳහා පමණක් වැය කිරීමට සිදු වූ බව පෙන්වා දෙන ඒ මහතා සිය අවශ්‍යතා අවම කරගෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලීමක් කෙරේ.


    මේ වන විට ඉන්ධන පිරවුම්හල් පෙට්‍රල්වලට භූමිතෙල් මිශ්‍ර කර අලෙවිකරන බව එහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කර සිටි අතර එයට පිළීතුරු දෙමින් සභාපතිවරයා පවසා සිටියේ මේ වන විට එවැනි පැමිණිලි කිසිවක් වාර්තා නොවී ඇති බවයි.එසේ අක්‍රමිකතා සිදුවන්නේ නම් වහාම ඒ පිළීබඳව වාර්තා කරන ලෙසත් ඒ පිළිබඳව සොයා බලා ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya