මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවදුරටත් නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීමට තීරණය කරයි

    අප්‍රේල් 08, 2022

    ජනත‌ා පරමාධිපත්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය රැක ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත, තමා තවදුරටත් මෙම නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීමට තීරණය කළ බව මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    එහෙත් තමා එය බාර ගන්නේ අප්‍රේල් අවසානය තෙක් පමණක් බවත් ඒ කාලයේදී නියෝජ්‍ය කතානායකධූරයේ වරප්‍රසාද කිසිවක් බාර නොගන්නා බව නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේය

    පවතින පාලන ක්‍රමයේ සහ ආයතන වල බරපතල අඩුපාඩුකම් තිබුණද ඒය නිවැරදි කර ගත යුත්තේ ජනතා පරමාධිපත්‍ය මුල් කරගත් ක්‍රමයක් මත බවද නියෝජ්‍ය කතානායවරයා පෙන්වා දුන්නේය.

    ජනත‌ා පරමාධිපත්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය රැක ගැනීම මට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම පැවරෙන වගකීමක් බවද නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya