මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැළැස්මක් - දුම්රිය කිහිපයකට අමතර මැදිරි - දුම්රිය සාමාන්‍යධිකාරී

    අප්‍රේල් 08, 2022

    2022 වර්ෂයේ සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය වෙනුවෙන් මගීන්ගේ ගමන් පහසුව තකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2022.04.08 දින සිට 2022.04.18 වන දින දක්වා දැනට ධාවනවය වන දුර ගමන් සේවා දුම්රියයන්ට අමතරව විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (08) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

    ඒ අනුව, ප්‍රධාන මාර්ගය ඉහළට සහ පහළටත්, උතුරු මාර්ගයේ ඉහලට සහ පහළටත් යන වශයෙන් විශේෂ දුම්රියයන් එක්කොට මඟීන්ගේ පහසුව තකා ධාවනය කිරීමටද කටයුතු සැළසුම් කර තිබේ.

    එමෙන්ම, 8056/8057 අංක දරන ගාලු කුමාරි දුම්රිය, 4085/4086, 8085/8086 අංක දරන රජරට රැජිණ සහ 1045/1046 - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියයන් සඳහා අමතර මැදිරි එක්කිරීම සඳහා ද කටයුතු සැළසුම් කර ඇත.


    මෙයට අමතරව මගී අවශ්‍යතාවය අනුව කොරෝනා වසංගත සමයේදී නවතන ලද මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ අංක 8060/8061 මෙම කාලසීමාතුල ධාවනය කරවීම සඳහා ද සැළසුම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya