මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන සහ ගෑස් බෙදා හැරීම තව දින කිහිපයකින් යථාතත්වයට-පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර

    අප්‍රේල් 08, 2022

    ඉන්ධන සහ ගෑස් බෙදා හැරීම තව දින කිහිපයකින් යථාතත්වයට පත් කළ හැකි බවත්, ඒහෙත් බලාගාර වල තිබෙන ධාරිතාව අනුව විදුලිය පැය 24 පුරාම ලබා දීමට නම් තව සති දෙකක පමණ කාලයක් ගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පැවසීය.

    රටේ පවතින වර්තමාන තත්වය සම්බන්ධයෙන් ඊයේ (07) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ඉන්ධන, විදුලිය සහ ගෑස් සැපයීමේදී ජනතාවට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළ කරනවා සේම එය යථාතත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    මෙම අර්බුදයට විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් කිරීමේ කාර්යයට විපක්ෂය නායකත්වය ලබා දී ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya