මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික බාධා මැද්දේ වුවද අප්‍රේල් මසට තිබෙන වැටුප්, උත්සව අත්තිකාරම් ඇතුළු සියලු ගෙවීම් සිදු කළා

    අප්‍රේල් 07, 2022

    ආර්ථික බාධා මැද්දේ වුවද අප්‍රේල් මසට තිබෙන වැටුප්, උත්සව අත්තිකාරම් ඇතුළු සියලු ගෙවීම් සිදු කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබරි මහතා පැවසීය.

    ඊයේ වන විට වැටුප් ගෙවන්නේ නැති බවට වූ ප්‍රචාරය සම්බන්ධව කරුණු පහැදිළි කළ මන්ත්‍රීවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

    මේ පිළිබඳව අඳහස් දැක්වූ මන්ත්‍රීවරයා;

    ඊයේ දින වන විට රු. බිලියන 123ක් ගෙවලා,වැටුප පමණක් නොව උත්සව අත්තිකාරම් ද ගෙවා තිබෙනවා .''අද වන විට තවත් රු. බිලියන 13ක් නිදහස් කරනවා. ඒ අනුව අප්‍රේල් මසට තිබෙන සියලු ගෙවීම් සිදු කර මේ රටේ ජනතාවට තිබූ කුතුහලය නැති කිරීමට ආර්ථික බාධා මැද්දේ වුවද සිදු කිරීමට හැකි වී තිබෙන බව පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya