අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගොස් ඇති ආකාරයක් දැකගත හැකියි- ආරක්ෂක ලේකම්

    අප්‍රේල් 05, 2022

    සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් පටු දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීම සහ සාමය ආරක්‍ෂා කිරීමට කැපවී සිටින ආරක්‍ෂක අංශයන්ද අපහසුතාවයට පත් කරමින් ඉලක්කකර ගත් දේශපාලඥයින්ගේ දේපලවලට හානි සිදු කරමින් ප්‍රචන්ඩකාරී අයුරින් හැසිරීම නිසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගොස් ඇති ආකාරයක් දැකගත හැකි බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ( විශ්‍රාමික)ප්‍රකාශ කරයි.

    ආරක්‍ෂක ලේකම් විසින් 2022 අප්‍රේල් මස 05 වන දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය

    දැනට රට තුළ පවතින නොසන්සුන්කාරි වාතාවරණය හේතුවෙන් ජන සමූහයන් ඒකරාශි වී දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සංවිධානාත්මකව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතී.

    ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිරූපනය වන පරිදි “සාමකාමී උද්ඝෝෂණයක්” යන තේමාව ඔස්සේ මෙම උද්ඝෝෂණ පැවැත්වීමට සංවිධානය කළද, දැනට පෙනී යන ආකාරයට මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බව නිරික්‍ෂණය වේ.

    එනම් එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණය පවත්වාගෙන යනු ලබන අතර ඔවුන් සාමකාමිව විසිර යන අතර, අනෙක් කණ්ඩායම සිතාමතාම රජයේ පොදු දේපල වලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපලවලට හානි පමුණුවමින් ප්‍රධාන මාර්ගයන් හා ප්‍රසිද්ධ ස්ථානයන්හී එදිනෙදා ජනජීවිතයට අපහසුතා ඇති වන පරිදි මහජනතාව අසීරුවට පත් වන ආකාරයෙන් සංවිධානාත්මකව උද්ඝෝෂණයන් පවත්වාගෙන යන බව පෙනීයයි.

    හදිසි නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක වුවද, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කරමින් සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම අනුමත කළ හැකි වුවද, සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් පටු දේශපාලන
    අරමුණු මුදුන්පමුණුවා ගැනීම සහ සාමය ආරක්‍ෂා කිරීමට කැපවී සිටින ආරක්‍ෂක අංශයන්ද අපහසුතාවයට පත් කරමින් ඉලක්කකර ගත් දේශපාලඥයින්ගේ දේපලවලට හානි සිදු කරමින් ප්‍රචන්ඩකාරී අයුරින් හැසිරීම නිසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගොස් ඇති ආකාරයක් දැකගත හැකිය.

    මෙහිදී යම් ප්‍රදේශයන්හී උද්ඝෝෂකයන් යතුරුපැදි භාවිතාකොට තැනින් තැනට ගොස් නිවාස හා වෙළඳසැල්වලට ගල්මුගුරු භාවිතා කොට පහරදීම් සිදුකර ඇති අතර, තවත් කණ්ඩායම් කිහිපයක් සංවිධානාත්මක ලෙස නිවාස මංකොල්ලකෑම් ද සිදුකර ඇති බව වාර්තා වී ඇත. එබඳු කණ්ඩායම් විසින් උද්ඝෝෂණ සඳහා නිවසින් බැහැරව සිටින උද්ඝෝෂණකරුවන්ගේ නිවෙස් ද කොල්ලකෑම් වලට ලක්කර ඇති අවස්ථාද ඇති බව කණගාටුවෙන් වුවද දැනුම්දෙනු කැමැත්තෙමි.

    මහජනතාව ආරක්ෂා කිරීමට නිරතුරුවම කැපවී සිටින ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාශයන්, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව මෙම උද්ඝෝෂණයන් නිරතුරුවම අධික්‍ෂණය කරමින් පසුවන අතර, ප්‍රජාතාන්ත්‍රවාදි ලෙස සිදුවන සාමකාමි උද්ඝෝෂණයන් අනුමත කළද, කිසිඳු ආකාරයක ප්‍රචන්ඩකාරි ක්‍රියාවක් සිදුනොවීමට වගබලා ගනු ලැබෙන අතර, එවන් සිදුවිම්වලට සම්බන්ධවන අයවළුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් කිසිසේත් පසුබට නොවන බව මින් අවධාරණය කර සිටිමි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya