අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රසායනික පොහොර සඳහා සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කරයි

    අප්‍රේල් 05, 2022

     ප්‍රවෘත්ති නිවේදනයයි.

     

    වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙත කාබනික පොහොර ලබා දීමේදී සම්පූර්ණ වශයෙන් සහනාධාර මත ලබා දෙන ලදී.

     

    එසේ වුවත් ගොවි ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වීමෙන් පසුව ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා ද
    සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.

     

    ගොවීන් විසින් රසායනික පොහොර මිලදී ගනු ලබන බිල්පත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සහනාධාරය ගෙවීම සිදු කිරීමට නියමිතව ඇත.

     

     

     

    ඩී.එම්.එල්. බණ්ඩාරනායක

    ලේකම්

    කෘෂිකර්ම අමාත්‍යාංශය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya