අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශාකමය භාණ්ඩ අපනයන ක්‍රියාවලියට පහසුකම් සැලසීම උදෙසා, ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

    අප්‍රේල් 04, 2022

    ශ්‍රී ලංකාවේ ශාක ස්වස්ථතා සහතිකකරණය (Phytosanitary Certification in Sri Lanka) වැඩි දියුණු කිරීම තුලින් ඉක්මනින් නරක් වන ශාකමය භාණ්ඩ අපනයන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම උදෙසා, ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබා දීම

    ජාතික ශාක නිරෝධායන සේවය, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සහ ඊට අදාළ වෙළඳ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා රෝග හා පළිබෝධ වලින් තොර නිරෝගී ශාක සහ ශාක නිෂ්පාදන, ජාත්‍යන්තර මට්ටමෙන් වෙළදාම් කිරීම සඳහා පහසුකම් සලසනු ලැබේ. අපනයන සහතිකය ශක්තිමත් කිරීම මෙන්ම ආනයන පරීක්ෂා කිරීම සඳහා රට තුළට ඇතුළුවන සහ පිටවන ස්ථානවල නිශ්චිත පළිබෝධ රෝග විනිශ්චය සඳහා අවශ්‍යතා සපුරාලීම හරහා ශාක සනීපාරක්‍ෂක සහතික කිරීමේ පහසුකම තවදුරටත් වැඩිදියුණු කිරීමට මෙම ආයතනය අපේක්ෂා කරනු ලැබේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත, රට තුළ අපනයන සහතික කිරීම පහසු කිරීම සඳහා රෝග විනිශ්චය ශිල්පීය ක්‍රම සහ ශාක සනීපාරක්‍ෂක පරීක්‍ෂණ සේවා ශක්තිමත් කිරීම සඳහා උපකරණ සැපයීම සඳහා ජපන් ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 880) ප්‍රදානයක් ලබා දීමට ජපන් රජය එකඟ වී ඇත.

    ඉහත ප්‍රදානයට අදාළ සටහන් හුවමාරුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්ආර් ආටිගල මහතා සහ ජපාන රජයේ තානාපති අතිගරු හිදෙයකි මිසුකොශි මහතා විසින් 2022 අප්‍රේල් 04 වැනි දින මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya