මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා පරිමාණ ගොවිපලවල පරිසර වාර්තා සම්බන්ධ සාකච්ඡාවක්

    මාර්තු 17, 2022

    දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දමා දියර කිරෙන් මෙරට ස්වයංපෝෂිත කිරීම උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ ඉදිකෙරෙන මහා පරිමාණ ගොවිපලවල පරිසර වාර්තා සම්බන්ධ සාකච්ඡාවක් පසුගිය දා (15) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේදී පැවැත්විණි.

     දේශීය සහ විදේශීය ආයෝජන ඔස්සේ මෙරට විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන කිරි ගොවිපල්වල් ආරම්භ කිරීමේදී පාරිසරික වාර්තා ලබාගැනීමේ විශාල ප්‍රමාදයක් ඇති අතර එමඟින් ආයෝජකයින් අධෛර්යයට පත්වීම වළක්වා කඩිනමින් වාර්තා ලබා දීමට කටයුතු කිරීම සහ වඩාත් නම්න්‍යශීලී ලෙස ආයෝජිකයින් සමඟ කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි

    මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු නිළධාරීන් සහ පශු සම්පත් අමාත්‍යංශයේ නිළධාරීන් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya