අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

    මාර්තු 15, 2022

    සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

    මෙරට සංචාරයක නිරත සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මාර්තු 14 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීය.

    සෞදි විදේශ අමාත්‍යවරයා පිළිගත් අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකා - සෞදි අරාබි ද්විපාර්ශ්වික සබඳතා ප්‍රතිඵල මත පදනම් වූ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පවත්නා දැඩි උද්‍යෝගය පිළිබඳව සඳහන් කළේ ය.

    වත්මන් ගෝලීය සන්දර්භය තුළ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්පත් කරගැනීම සඳහා ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර රාශියක් සම්බන්ධයෙන් ශක්තිමත් සබඳතා පැවැත්වීමට අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී සිය එකඟත්වය පළ කළහ.

    විශේෂයෙන්ම ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී සෞදි අරාබිය ශ්‍රී ලංකාව වෙත පළ කළ දැඩි සහයෝගය සහ අනුගමනය කළ සංවේදී ප්‍රවේශය, අමාත්‍ය පීරිස් මහතාගේ ඇගයුමට ලක්විය.

    කොළඹ වරාය, හම්බන්තොට වරාය, හම්බන්තොට විශේෂිත ඖෂධ කලාප, අලුතින් හඳුනාගත් තොරතුරු තාක්ෂණ උද්‍යාන, මඩකලපුවේ ඇඟළුම්/රෙදිපිළි කලාපය සම්බන්ධයෙන් සෞදි ආයෝජන දිරිමත් කළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා, සෞදි අරාබියේ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා පවත්නා ඉහළ රැකියා අවස්ථා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළේ ය.

    සංවර්ධන සහයෝගීතාව ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ වැදගත් අංගයක් බව සඳහන් කළ අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකාවට යටිතල පහසුකම් සංවර්ධන සහය ලබා දීම සම්බන්ධයෙන් සෞදි අරාබිය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කළේ ය.

    මේ වන විට දෙරට අතර පවත්නා ඉහළ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජය සතු කැපවීම පිළිබඳව නැවත අවධාරණය කළ සෞදි විදේශ අමාත්‍යවරයා, ආර්ථික සහයෝගීතාව පිළිබඳව වැඩිදුර අවධාරණය කළේ ය.තවද, වර්තමානයේ දී තෙල් මත යැපෙන සෞදි අරාබි ආර්ථිකය, ‘සෞදි අරාබිය 2030’ නමැති දැක්ම අනුව මැද පෙරදිග කලාපයේ ඩිජිටල් ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීම සඳහා කටයුතු කරන බව එතුමා අවධාරණය කළේ ය.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මෙම හමුව සඳහා කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞද් කුමරු, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල්නසර් බින් හුසෙයින් අල්- හර්ති මහතා, විදේශ අමාත්‍යවරයාගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්රහ්මාන් අර්කාන් අයි. අල්ඩාවුඩ් මහතා, දෙවැනි ලේකම් ටායිෆ් අබ්දුල්ඛලීක් සහ දේශපාලනික කටයුතු භාර නිලධාරී අෆ්නන් ෆහාඩ් ඒ. අල්හුමයිදාන් සමඟ මෙම හමුවට සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya