අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එකඟතාව

    මාර්තු 15, 2022

    ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා (11) රැස්වූ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමිවිය.

    විදේශ කටයුතු අමාත්‍ය (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් පැවති විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පෙබරවාරි 10 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාරව සංශෝධිත පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිවූ අතර එම වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, මධුර විතානගේ, (ආචාර්ය) සුරේන් රාඝවන්, (මහාචාර්ය) චරිත හේරත් සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya