අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීප්පුකුලම ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලය පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු යළි ඇරඹෙයි

    මාර්තු 15, 2022

    2019 වසරේදී වසාදැමූ සීප්පුකුලම පිහිටි ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලය පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු 2022.03.16 දින පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නැවත ඇරඹීමට නියමිතය.

     

    1985 වසරේ ආරම්භ කර ඇති මෙම විදුහල මගින් විශාල සිසුන් පිරිසක් බිහිකර ඇති අතර මෙම විදුහල 2019දී වසාදමා ඇත. සීප්පුකුලම පිහිටි ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලය මගින් සත්ත්ව පාලනය පිළිබද වසර දෙකක පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලාව හදාරා අවසන් කළ සිසුන්ට දේශීය මෙන්ම විදේශීය පශු සම්පත් ක්ෂේත්‍රය තුළ ඉහළ ඉල්ලුමක් පවතී.

    නව පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත පෙර පාඨමාලාවට නව විෂයන් එක් කරමින් වෘත්තීය පුහුණු අධිකාරියත් සමග එක් වෙමින් පුහුණුව නිම කළ සිසුන් වෙනුවෙන් NVQ 5 – 6 මට්ටමේ සහතිකයක් ලබාදීමට පියවර ගෙන ඇත. දේශීය මෙන්ම විදේශීය පශු සම්පත් ක්ෂේත්‍රයේ රැකියා වෙළදපොළට තරුණයන් යොමුකිරීම මෙහි අරමුණකි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya